උමාරා කළේ බරපතල වරදක්…! වහාම සමාව ගනු…! – ගම්මන්පිල…

August 1, 2023 at 5:22 pm | by emanisa.lk

උමාරා මගේ ප්‍රියතම ගායිකාවන් තිදෙනාගෙන් එක් අයෙක්. නමුත් ජාතික ගීය අපේ ජාතික වස්තුවක්. දැන හෝ නොදැන උමාරා අතින් සිදුව ඇත්තේ බරපතල වරදක්.

අපේ ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය අනුව ජාතික ගීයේ පදමාලාව පමණක් නොව සංගීතය ද තුන්වන උපලේඛනය අනුව විය යුතුයි. උමාරා පදමාලාව සහ සංගීතය යන දෙකම වෙනස් කිරීමෙන් අපේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා.

ඒ විතරක් නොවේ මව්බිමට ආදරය කරන හැඟීම්බර ජනතාව කුපිත කිරීමක් ද කර ඇති බව සමාජ ජාලා වල පල වන දෑ තුලින් පැහැදිලියි. මේ විරෝධය උත්සන්න වුණොත් ඇය කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත උල්ලංඝණය කිරීමක්.

ජාතික ගීය වාදනය කළ යුත්තේ දේශානුරාගය හදවත් තුළ තැන්පත් වීමට මිස විනෝදය සඳහා නොවේ. උමාරා කළ වරදට සමාව අරගෙන මෙය නැවත නොකරන බවට ප්‍රකාශ කළ යුතුයි.

උදය ප්‍රභාත් ගම්මන්පිල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *