උද්ධමනය 5%කින් පහළට..! භාණ්ඩ මිල ක්‍රමයෙන් ස්ථාවර වෙයි..!

December 21, 2022 at 7:46 pm | by emanisa.lk

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එසේම ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.

ඔක්තෝබර් මස සියයට 61.3ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද නොවැම්බර් මස සියයට 60.4 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

නොවැම්බර් මස සියයට 65 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 33.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 31.0 ක දායකත්වයක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *