උදයංග අල්ලන්න 7 වරක් ඩුබායි පැද්ද ආණ්ඩුව මදූෂ් අල්ලන්න එක වරක් ගියේ නෑ!

February 14, 2019 at 11:18 am | by admin

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට හත් වරක් ඩුබායි ගිය ශ්‍රීි ලංකා ආණ්ඩුව මදූෂ් අත්අඩංගුවට ගැනීමට එක වරක්වත් ඩුබායි නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

කළුතර දී බන්ධනාගාර බස් රථයට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කොට සමයං ඇතුළු පිරිසක් ඝාතනය කළ අවස්ථාවේ ද පොලිස් පරීක්ෂක නියෝමාල් රංජගීවට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ද ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදයක් ලබා ගැනීමට ද අවස්ථාව තිබුණු බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් මේ අවස්ථාවල දී ද ආණ්ඩුව හැසිරුණේ මහ බැංකු වංචාව අවස්ථාවේ හැසිරුණු ආකාරයටම බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස