උතුරේ සංවර්ධනයට වෙන් කළ මුදල් නැවත භාණ්ඩාගාරයට යවලා – විජයකලා මහේෂ්වරන්

January 19, 2019 at 8:17 pm | by admin

උතුරු පළාත අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල් පළාතේ අධ්‍යාපන කටයුතුවලට යොමු නොකර නැවත භාණ්ඩාගාරයට යවා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් චෝදනා කරයි.

“පාසල්වල ගොඩනැඟිලි හදලා නෑ. ඒවා අලුත්වැඩියා කරලා නෑ. ශිෂ්‍යයින්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයලත් නෑ. මුදල් නැවතත් භාණ්ඩාගාරයටම ගිහිල්ලා. මේක ඇත්තටම අපේ නොහැකියාව. අපේ නියෝජිතයෝ ඒක හරියට කළමනාකරණය කරලා නෑ, ඒ නිසා තමයි ඒ මුදල් ටික නැවත භාණ්ඩාගාරයටම ගියේ.”

එහෙත් මේ ආකාරයට උතුරේ සංවර්ධන කටයුතු අඩාල කිරීම පිටුපස ඇත්තේ උතුරේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරවා බෙදුම්වාදී අරමුණු දිනා ගැනීමේ උවමනාව බවට චෝදනා නැඟෙයි.

https://www.youtube.com/watch?v=d8hgJaF34p0

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස