උතුරේ පාසල් සිසුන් රාජ්‍ය විරෝධී පාගමනේ!

January 23, 2019 at 5:54 pm | by admin

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ දිනවල රජයට එරෙහිව සංවිධානය කරනු ලබන විරෝධතා රැලිවලට උතුරේ පාසල් ගණනාවක සිසුවියන් ඔවුන්ගේ නිල ඇඳුම්වලින්ම එම විරෝධතාවලට සහභාගි වී සිටි අන්දම දක්‌නට ලැබිණි.

උදැසන පාසල්වලට පැමිණි සිසු සිසුවියන් එක්‌ එක්‌ මාර්ගවල ගමන් කළ විරෝධතා පෙළපාලි ඔවුන්ගේ පාසල් ඉදිරිපිටින් ගමන් ගන්නා විට පාසල්වලින් එළියට පැමිණ එම විරෝධතා පෙළපාලිවල ගමන් කළ අතර බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද එම විරෝධතාවලට සහාය දක්‌වා තිබිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ විසින් යාපනයේ සිට අනුරාධපුර බන්ධනාගාරය දක්‌වා සංවිධානය කොට ඇති පාගමනට උතුරේ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක්‌ සහාය දක්‌වා සිටියේද ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් සහිතවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස