උතුරු මැද හිටපු ඇමති පොහොට්ටුවට

January 27, 2019 at 8:33 am | by admin

හිටපු උතුරුමැද පළාත් ප්‍රවාහන ක්‍රිඩා හා යෞවන කටයුතු සමුපකාර වෙළඳ හා ආහාර, කර්මාන්ත සංවර්ධන ඇමති ධුරය දැරු සුසිල් ගුනරත්න මහතා අද (27) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක් විය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ සුසිල් ගුණරත්න මහතා‍ පසුගිය උතුරුමැද පලාත් සභා පාලන සමයේ හිටපු පලාත් ප්‍රධාන ඇමති පේෂල ජයරත්න මහතා සමඟ එක්ව අමාත්‍ය ධුරයක් ලබා ගත්තේය.

සුසිල් ගුණරත්න මහතා ඊයේ දින පෙරවරුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක හිටපු ඇමති කේ.එච් නන්දසේන මහතා සමග පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතා හමුවි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්විය.

2017 වසරේ දී සුසිල් ජයරත්න මහතා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායකවරයකු ලෙස ද පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස