ඉරාජ් එක්ක මං තරහ නෑ..! මට ඕන හැමෝ එක්ක ම හොඳින් ඉන්න…! – රාජාංගනේ හිමි…

August 10, 2023 at 4:04 pm | by emanisa.lk

තමන්ට ඉරාජ් සමග හෝ සමන්තභද්‍ර හිමියන් සමග තරහක් නැතැයි රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

ඉරාජ් පසුගිය දිනක සිය විහාරස්ථානයට පැමිණි ඉතා ම සුහදශීලී ලෙස කතා කළ බවත් පන්සලට උදව් කරනන බව කී බවත් එහිමියෝ ප්‍රකාශ කරති.

මේ පිළිබඳ ජවිපෙ සහ සජබ කණ්ඩායම් තමන්ට බැණ වදිනු ඇති බවත් තමන්ට උවමනා තමන් බැණ වැදුණු මිනිසුන්ගේ සිත් නිවා පාඩුවේ බණක් භාවනාවක් කරමින් නිදහසේ කාලය ගත කිරීමට බවත් සද්ධාරතන හිමි කීය.

ජවිපෙට සජබට මෙන් ම පොහොට්ටුවට වහලුන් ඇති බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් එහිමියන් වැඩි දුරටත් සඳහන් කළහ.

https://www.youtube.com/watch?v=rxy6j_iUHhg

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස