ඉරාජ් ආණ්ඩුවේ තනතුරු එපා වෙන්න පහර දුන්න ද…? – යෝෂිත හෙළි කරයි….

August 26, 2021 at 5:57 pm | by emanisa.lk

තමන් විසින් ඉරාජ් වීරරත්නට පහර දීමක් සිදුකළ බවට සමාජ මාධය ජාලාවල පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කොට ඇත.

ඩේලිමිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් යෝෂිත රාජපක්ෂ සඳහන් කොට ඇත්තේ ඉරාජ් සමග තමන්ට සමීප සබඳකමක් නොතිබූ බවත්, ඔහු අවසන් වරට දුටුවේ මීට කලකට ප්‍රථම පැවැති උත්සවයක දී බවත්ය.

එම නිසා තමන් ඔහුට පහර දුන් බවට වූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව යෝෂිත රාජපක්ෂ ඩේලිමිරර් වෙබ් අඩවියට පවසා ඇත.

සිය කාර්යබහුලත්වය නිසා බව සඳහන් කරමින් ජාතික තරුණ සේවා සභාවේ දැරූ තනතුරින් ඉරාජ් වීරරත්න පසුගියදා ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *