ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කර ඇත.
එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි.
ඒ සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415 ක් දක්වා පහත වැටෙන අතර සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් වන්නේ නැත.