ඉන්ධන පෝලිම් නැත්තේ ඕන තරම් ඉන්ධන තියෙන නිසා නෙමෙයි…! – හිටපු මහ බැංකු අධිපති…

May 25, 2023 at 10:07 am | by emanisa.lk

මේ වන විට ආර්ථිකය සංකෝචනය වමින් පවතින බවත්, අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොවන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එයට හේතුව ජනතාවගේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඉන්ධන භාවිතය අවම වීම බවයි.

ජනතාවට මුදල් නොමැතිව, තම ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවත්, මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට‍්‍රල් පරිභෝජනය 53 %කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස