ඉන්ධන ගල් අඟුරු මිලට ගන්න කාරක සභාවක්…! සභාපති ධූරය විපක්ෂයේ පාඨලීට..!

August 29, 2022 at 10:43 am | by emanisa.lk

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේ ම එම කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බවයි, ඇමැතිවරයා පවසන්නේ.

එහෙයින් එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කාංචන විජේසේකර කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *