ඉන්ධන කෝටාව අඟහරුවාදා සිට ඉහළට…!

May 28, 2023 at 5:01 pm | by emanisa.lk

ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පියවර ගෙන තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අද(28) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය බලපැවැත්වෙන බවය.

ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබා දීමට නියමිතය. එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය. වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *