ඉන්දු-චීන නැව් ගැටුම ලිහන්න මැදිහත් වුණේ මහින්ද…!

August 19, 2022 at 12:09 pm | by emanisa.lk

චීන යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා ගැනීමට මැදිහත් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව වාර්තා වෙයි.

එම නෞකාවට පළමුව ලංකාවට පැමිණීමට අවසර ලබා දුන්න ද අනතුරුව ඉන්දියානු සහ ඇමරිකානු බලපෑම් නිසා එම ගමන නතර කරන ලෙස ලංකා බලධාරීන් ඉල්ලා තිබිණි.

මෙම හදිසි තීන්දුවට චීනය දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර චීනයේ ලංකාව සමග ඇති සියලු සබඳතා අත්හිටුවීමට තීන්දු කර තිබේ.

චීනයේ ෂැංහයි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉවත් කර ගැනීමටත් වරාය නගරයේ ආයෝජනවලින් ඉවත් වීමටත් ලංකාවට සම්බාධක පැනවීමටත් සූදානම් වන බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ අර්බුදය ඔහු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට දුරකතනය දැනුම් දී අදාළ නැවට ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. පැය දෙකක් ඉක්ම යාමට චීන නැවට හම්බන්තොට වරායට පිවිසීම සඳහා අවසර ලැබී තිබේ. ඒ අනුව ලංකාවට මුහුණ දීමට තිබූ බරපතළ රාජතාන්ත්‍රික අර්බුදයක් අහෝසි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *