ඉන්දියානු බිත්තරේට විරුද්ධ වෙන්නේ මාෆියාකාරයෝ…!

July 25, 2023 at 2:37 pm | by emanisa.lk

ඉන්දියාවෙන් ගෙනා බිත්තර සතොස හරහා ජනතාවට ලබාදීමට වෙළද අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය ඇතැම් මාෆියා සංගම් විසින් වැළැක්වීමට උත්සාහ කරන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කරන්නේ දේශීය බිත්තර සංගම් ජනතාව බිල්ලට ගෙන සිටින බවයි.

“අපි නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් සතොස හරහා ඉන්දියන් බිත්තරය බෙදාහරින්න සූදානම් වෙනවා. දැන් සංගම් ඇවිත් කියනවා මේ බිත්තර දැම්මාම කොත්තුව රෝල්ස් එක නරක් වෙනවාලු. මිනිස්සු ලෙඩ වෙනවාලු.

ඉන්දියන් බිත්තරෙන් විතරද කෑම කුණුවෙන්නේ. ඒ අය මේවා කියන්නේ කොමිස් අරගෙන. අපි කියන්නේ පුංචි මිනිහට බිත්තරයක් කන්න අවස්ථාව දෙන්න කියලා.

ෆ්‍රීමා එකටත් කියනවා පිටි මිල පාලනය කරන්න සූදානම් වෙන්න එපා කියලා. ඇමතිවරයා ඉන්දියන් බිත්තර සතොස හරහා විකුණන්න හදන එක සංගම් නවත්වන්න හදනවා. අපි පාරිභෝගික අධිකාරියට ඇවිත් කිව්වේ ඒක නවත්වන්න දෙන එපා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *