ඇමැති කාංචන දැඩි තීන්දුවක..! ලංවිම වර්ජකයින්ගේ වැඩ තහනම්…!

January 6, 2024 at 4:00 pm | by emanisa.lk

සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවන ලෙස හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

ඇමැතිවරයා එමගින් පවතින නෛතික ප්‍රතිපාදන යටතේ ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද නියෝග කොට තිබේ.

පසුගිය 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් විදුලිබල මණ්ඩලයේ මහජන සේවා පවත්වාගෙන යාමට බාධා අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් වර්ජන කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *