ඇමරිකා විදේශ සබඳතා ප්‍රධානීන් දෙදෙනෙක් රහසේ පැමිණෙයි! ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කරයි!

July 15, 2019 at 2:06 pm | by emanisa.lk

ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් වූ ඩේමියන් ටර්ජ් සහ සෙල්වා කසිම් මෙරටට පැමිණ ඉදිරි ජනපතිවරණය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිහිප දෙනකු සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම රහස් සාකච්ඡාව පවත්වා ඇත්තේ කොළඹ සුපිරි හෝටලයක පිහිටි පෞද්ගලික කාමරයක බව හෙළිවී තිබේ.

ඇමරිකානු නිලධාරීන් සමග මෙම සාකච්ඡාවන්ට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප‍්‍රධානි මාර්කස් සර්ස්න්ට්ද සම්බන්ධ වී ඇත.

ඇමරිකානු සෝෆා ආරක්‍ෂක ගිවිසුමට විරෝධය දැක්වීම, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට තරග කිරීම හා ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව යන කරුණු ගැන මෙහිදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

ඇමරිකානු සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ප‍්‍රධානතම නිලධාරීන් වූ ටර්ජ් සහ සෙල්වා කසිම්ගේ මෙරට සංචාරය ඇමරිකානු තානාපති කාර්යාලය විසින් වසන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස