ආසියානු සූරයින් පිළිගැනීම මගේ වගකීමක්…! ක්‍රීඩාවේ දියුණුවට නොබියව කැප වෙනවා..! මාතලේට බීච් වොලිබෝල් ගැස්සුවෙත් මමයි..! – රෝහණ දිසානායක…

September 17, 2022 at 10:49 am | by emanisa.lk

ආසියානු කුසලානය දිනූ නෙට්බොල් කණ්ඩායම පිළිගැනීමට තමා ගියේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ආරාධනාව පරිදි බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

එය වැරදි ලෙස කිහිප දෙනෙක් දැඩිව විවේචනය කළ ද ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම තමන්ගේ වගකීමක් බවත් ක්‍රීඩාවේ දියුණුව උදෙසා කළ හැකි උපරිම දේ කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

පාසල් වියේ සිට විවිධ ක්‍රීඩාවල නිරත වූ තමන් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල වැඩ කොටසක් සිදුකර ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැන් මුහුදු වෙරළේ පමණක් නොව මාතලේ ද බීච් වොලිබෝල් ක්‍රීිඩාව සිදුකරන බවත් 2019 සමස්ත ලංකා බීච් වොලිබෝල් සූරතාව දිනුවේ මාතලේ බවත් රෝහණ දිසානායක පෙන්වා දෙයි.

මුහුදක් නැති මාතලේ වළක වැලි දමා බීච් වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ තමන් බවත් කවර බාධක ආවත් ක්‍රීඩාව වෙනුවෙන් නොබියව කැපවන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *