ආර්ථිකය අර්බුදය විසඳන හැටි දෙමළ මුස්ලිම් ජනතාවටත් කියා දෙන්න..! – කැනඩාවෙන් අනුරට ඉල්ලීමක්…

March 24, 2024 at 12:16 pm | by emanisa.lk

ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් දකුණට මෙන් ම උතුරට ද ගොස් ඔවුන්ව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස දෙමළ ජනයා තමාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ඔහු කීය.

එළඹෙන මැතිවරණයේ දී විශාල වෙනසක අපේක්ෂාවක් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුළ ද පවතින බව ඔවුන් සමඟ කළ සාකච්ඡාවල දී තමාට පැහැදිලි වූයේ යැයි ජාජබ නායකයා කීය.

තව ද කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට සූදානම් බව පැවැසුවේ යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *