ආණ්ඩුව BMICH විකුණයි?

February 20, 2019 at 11:56 am | by admin

දශක ගණනාවක් කිසිදු ආණ්ඩුවකට බරක් නොවී වැජඹුණු BMICH හෙවත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කළමනාකාරීත්වය බහුජාතික සමාගමකට පවරා අනතුරුව විකුණා දැමීමේ සූදානමක් පිළිබඳ එහි සේවක පිරිස් චෝදනා කරති.

මෙහි ආරම්භක පියවර ලෙස එම සම්මන්ත්‍රණ පරිශ්‍රයේ රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කර හැරී ජයවර්ධනගේ රක්ෂණ සමාගමකට පවරා ඇත. එපමණක් නොව සම්මන්ත්‍රණ පරිශ්‍රය පිහිටි ඉඩමට ඔප්පුවක් සකසා පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කටයුතු ද මේ වන විට අවසාන අදියරේ පවතියි.

මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර ජාතික වස්තුවක් බවට පත්ව ඇති BMICH රැක ගැනීමට එකතු වන මෙන් එහි සේවක පිරිස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *