ආණ්ඩුවෙන් රට පුරා මාර්ග දෙපස ගස් දස ලක්ෂයක්! ඇහැළ කුඹුක් කොහොඹවලට වැඩි අවධානයක්! .

September 13, 2020 at 6:23 pm | by emanisa.lk

රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

එක් – එක් පළාත්වලට ආවේණික, මාර්ග දෙපස සිටුවීමට වඩාත් ගැලපෙන ශාක ප‍්‍රභේද හඳුනාගැනීම සඳහා විශේෂඥ සහය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

මෙම වැඩසටහන යටතේ ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක වර්ග මාර්ග දෙපස සිටුවීමට වැඩි අවධානයක් යොමුව ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *