ආණ්ඩුවට එරෙහිව අනුර-ඩලස් කඳවුරක්..!

August 25, 2023 at 7:54 pm | by emanisa.lk

නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් සහ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිසක් අද (25) හමු වී තිබේ.

ආණ්ඩුව දිගින් දිගට ම මැතිවරණ කල් දැමීම සහ ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහි දී සාකච්ඡා කර තිබේ.

ඩිලාන් පෙරේරා, චරිත හේරත්, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු පිරිසක් ද පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම හමුවට එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *