අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ආර්ථික අර්බුදය විසඳීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
සුවිශේෂ නායකත්වයක් අවශ්‍ය අර්බුදකාරී අවස්ථා කළමනාකරණයට බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ රටට නායකත්වය ලබා දීමට ඉදිරිපත් නොවන්නේ නම් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව අනුව මාස 18ක් සඳහා ගොඩනැඟෙන ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධූර 15ක් පමණක් පත් කරන බවයි, රාජිත සේනාරත්න පවසන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන 05ක් සපයා ගෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට දැනටමත් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණ අවසන් බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.