ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ගෝඨාභයට

January 27, 2019 at 3:21 am | by admin

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සුදුසු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සහ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න පවසයි.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රී ගුණරත්න කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රටට වැඩ කළ නිලධාරියකු බවත් යුද්ධය නිමා කිරීමට එතුමා විශාල කාර්යභාරයක් කළ බවත්ය. එහෙයින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ කිසිම නුසුදුසුකමක් තමා නොදකින බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරන්නේ නම් කිසිම පැකිලීමකින් තොරව සිය සහාය ලබා දෙන වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න ද පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස