ආචාර්ය මහාචාර්යලා ආණ්ඩුව හරි පාරේ නොයැවූ නිසා විපක්ෂයට මැදිහත් වෙන්න වෙලා! දයාසිරිගෙන් හර්ෂට දරුණු ප්‍රහාරයක්!

January 27, 2019 at 3:39 am | by admin

ජනාධිපතිවරයාගේ නිල විදේශ සංචාර සඳහා එක්වන ධූත පිරිස තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින් පමණක් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු ඒ අදහස් පළ කළේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිසක් ජනපති සිංගප්පූරු සංචාරයට එකතු වන්නේ කෙසේ දැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.

ජනාධිපතිවරයාගේ සිංගප්පූරු නිල සංචාරය සඳහා දයාසිරි ජයසේකර, එස්. බී. දිසානායක සහ මොහාන් ලාල් ග්‍රේරු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියි.

“හර්ෂ ද සිල්වා කැබිනට් නොවන අමාත්‍ය ද මොකක්ද? මම දන්නේ නෑ.. ඒ ඇමතිකම මොකක්ද කියලා. එතුමට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාගේ බලය යටතේ එතුමට පුළුවන් ඕනම රාජ්‍ය නායකයෙකුට කතා කරන්න. ඒ වගේම සංචාරවලට කවුද එක් වෙන්නේ කියලා තීරණය කරන්නේ එතුමා. එක්සත් ජාතික පක්ෂය කිසිම අනුමැතියකින් තොරව අත්සන් කරපු සමහර ගිවිසුම්වල හානිය තියෙන්නේ ලංකාවට. සමහර කාරණා පිළිබඳව ඒ ඒ අදාළ ආයතනවලින් කිසිදු විමසීමක් කරලා නෑ කියලා මේ පිළිබඳව පත් කරපු කමිටු වාර්තාවේ පැහැදිළිව සඳහන් වෙලා තියෙනවා. විපක්ෂයට මේවට කතා කරන්න වෙලා තියෙන්නේ ආචාර්ය මහාචාර්යවරු එදා ඒවාට කතා කරපු නැති නිසායි.” යැයි දයාසිරි ජයසේකර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස