අවුකන ප්‍රතිමා කඨින පූජාව විවේචනය කරන්නේ නූගත්තු..! – විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මරක්ඛිත හිමි…

November 29, 2023 at 1:15 pm | by emanisa.lk

අවුකන ප්‍රතිමා වහන්සේට සිවුරු පැළඳීමේ පූජාව සිදුකළ අවස්ථාවේ පුරාවිද්‍යා නිලධාරීන් එහි සිටි බව අවුකන රජමහ විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මරක්ඛිත හිමි පවසයි.

ඉතා ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදුකළ එම කඨින චීවර පූජාව නිසා ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුව නොමැති බව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ තහවුරු කොට ඇතැයි ද එහිමියන් සඳහන් කරයි.

කිසිවක් නොදත් නූගත් පිරිසක් මෙම පූජාව පිළිබඳ විවිධ විවේචන සිදුකරමින් ඇතැයි පෙන්වා දෙන ධම්මරක්ඛිත හිමි ප්‍රතිමාව රැකගැනීම සඳහා තමන් වහන්සේ දිවා රෑ කැපව ඇතැයි ද අවධාරණය කළේය.

එහෙත් ප්‍රතිමාවේ ආරක්ෂාව සඳහා කෙතරම් ඉල්ලීම් කළ ද පුරාවිද්‍යා කාර්යාලයක් හෝ ප්‍රමාණවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් හෝ මෙතෙක් යොමු කොට නොමැති බව ද ශාස්ත්‍රවෙල්ලියේ ධම්මරක්ඛිත හිමි වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *