අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 9කට කැඩෙයි! අනාගත ඊළාම් යුද්ධය විග්නේශ්වරන්ගේ පොලිසිය සහ ලංකා හමුදාව අතරයි!

January 22, 2019 at 2:39 am | by admin

යෝජිත ව්‍යවස්ථාවේ 254 වන ඡේදය අනුව පොලිසිය කැබලි 10කට කැඩෙන බවත් අනාගතයේ ඊළාම් යුද්ධය ඇති වන්නේ විග්නේශ්වරන්ගේ අණ පිළිපදින පොලිසිය සහ ශ්‍රී ලංකාවේ සේනාධිනායකයාගේ අණ පිළිපදින හමුදාව අතර බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිළ මහතා පවසයි.

අතීතයේ ලංකා හමුදාව සමග සටන් වැදුණු උතුරේ ත්‍රස්තවාදීන්ට ඉන්දියාව අවි ආයුධ ලබා දුන්නේ ද නෝර්වේ පුහුණුව ලබා දුන්නේ ද හොරෙන්ය. එ් ජාත්‍යන්තර නීතිය අනුව ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සැපයීම ජාත්‍යන්තර නීතිය අනුව වරදක් හෙයිනි. එහෙත් මේ ව්‍යවස්ථාව අනුව උතුරට නිත්‍යානුකූල ලෙස ආයුධ සහ පුහුණුව ලබා දීමේ අවස්ථාව හිමි වන බව ඔහු පවසයි.

එළඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂයක් නිර්මාණය කර තරග කිරීමට සූදානම් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සුපර් මාර්කට් එකේ තිබී කල් ඉකුත් වූ පුඩිමක් බවත් මැතිවරණ ප්‍රතිඵල සමග ඈට රට පාවාදීම අතහැර තපස් රැකීමට යාමට සිදුවන බවත් ගම්මන්පිළ වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස