අලුත් අවුරුදු රැගෙන අනුර කොරියාවට…!

April 15, 2023 at 7:57 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි.

දකුණු කොරියාවේ වෙසෙන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ගේ ආරාධනයකට අනුව ජවිපෙ නායකයා එහි ගොස් ඇති අතර ඊයේ (14) Incheon ගුවන් තොටුපළේ දී ඔවුන් විසින් හෙතෙම උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

අනුර කුමාර දිසානායකගේ මෙම සංචාරය අතරතුර සිදුකෙරෙන ප්‍රධාන දේශනය හෙට (16) තේගු නගරයේ එක්ස්කො ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස