අරගල නායකයාගේ ගණිකාවකට ගොනෝරියා…! ගනුදෙනුකරුවන් සොයා විමර්ශන…!

June 22, 2023 at 4:47 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලයේ ප්‍රධාන සංවිධායකයකු විසින් පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරමට සම්බන්ධ තරුණියකට සමාජ රෝග වැළඳී ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර තිබේ.

වයස අවුරුදු 22 ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම තරුණියට ගොනෝරියා නම් සමාජ රෝගය වැළඳී ඇති බව හෙළි කර ඇත.

ඒ අනුව මෙම තරුණිය හා සබඳතා පැවැත්වූ ගනුදෙනුකරුවන් ද සමාජ රෝග පිළිබඳ පරීක්ෂාවට ලක්වීම සුදුසු බවට නිර්දේශ වී ඇත.

අන්තර්ජාල යෙදුමක් යොදාගෙන මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර එක් තරුණියක් රුපියල් 50,000 සිට ඉහල මිල ගණන්වලට අලෙවි කර ඇත.

පානදුර වලාන දූෂණ මර්දන කොට්ඨාසය පසුගියදා මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *