අරගලයේ තවත් ප්‍රතිඵලයක් එයි..! මන්ත්‍රී 09කගේ දේපළ හානිය කෝටි හැත්තෑහතයි…!

November 17, 2022 at 3:18 pm | by emanisa.lk

පසුගිය අරගලය සමයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රේමනාත් සී. ‍දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අයගේ නිවාස සහ දේපළවලට එලෙස අලාභ හානි සිදු වී ඇත.

වැඩි ම අලාභය සිදුව ඇත්තේ ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලට වන අතර එය රුපියල් කෝටි 46කි. අනතුරුව දෙවන වැඩි ම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළගේ තලංගම නිවස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය වන අතර එය දාහතර කෝටි හාරලක්ෂ අසූ හය දහසකි.

විමල් වීරවංශගේ නිවසට සහ දේපලවලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව තිබී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *