අරගලයෙන් රටේ මර්මස්ථාන අනතුරේ..! ජනපති මැදුර ලේකම් කාර්යාලය කොළඹින් පිටට…!

April 25, 2023 at 9:38 am | by emanisa.lk

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

මාදිවෙල ජාතික සඳුන් උයන සහ කුරුලු උයන ආශ්‍රිත භූමි භාගයේ මෙම පරිශ්‍ර ඉදිකිරීමට යෝජිතය.

ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටිය දී එහි බොහෝ ආරක්ෂක ස්ථාන ඡායාරූප වීඩියෝ දර්ශන ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු කර ඇතැයි ද දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස