අරගලයෙන් ටුවරිසම් විනාශයි…! 45%ක් හොටෙල් බුකිං කැන්සල්..!

July 30, 2022 at 9:59 am | by emanisa.lk

විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරකයින්ගේ වාහනවලට බාධා කිරීම, සංචාරකයින් රැගත් දුම්රිය අතරමග නතර කිරීම, සංචාරකයින්ගේ වාහනවලට ඉන්ධන ලබා නොදීම, ගාලු මුවදොර සුපිරි හොටෙල් ජාලය ඉදිරිපිට විරෝධතා භූමියක් ඇති කිරීම ආදිය පසුගිය සමයේ දක්නට ලැබිණි.

එහි සභාපතිනී ධම්මිකා විජේසිංහ පවසන්නේ ඊට අමතරව ඉන්ධන හිඟය සහ විදුලිය කැපීම ද සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක් වූ බවයි.

සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට නැවත සියයට දහයකින් පමණ වැඩි කරගෙන ඇතැයි ද මේ මාසයේ සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක් පැමිණ ඇතැයි ද ඇය සඳහන් කළාය.

දැන් සතියේ දිනක පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 1533 ක් පමණ වන අතර සති අන්ත දිනෙක එය 1900ක පමණ අවම ප්‍රමාණයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *