අයවැය වැඩි ඡන්ද 43කින් සම්මතයි! ශ්‍රීලනිපය පළා යයි! ආණ්ඩුව නැවතත් විපක්ෂයේ TNA හයියෙන් බහුතරය පෙන්නයි!

March 12, 2019 at 6:15 pm | by admin

2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 76ක් පමණි.

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ ඊට එරෙහි විය.

ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරු අයවැයට ඡන්දය විමසන අවස්ථාවෙි පාර්ලිමේන්තුවෙන් බැහැරව සිටියහ. ඒ අතර දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු 29ක් වූහ.

පසුගිය සමයේ අයවැයට පක්ෂ වීමට සහ ඡන්දය නොදී සිටීමට රු. කෝටි 10 සහ කෝටි 05 බැගින් මන්ත්‍රීවරුන්ට ලංසු තැබූ බවත් හිටපු රාජ්‍ය නායිකාවක ඊට නායකත්වය දුන් බවත් වාර්තා විය.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරය හෙබ වූ පසුගිය කාල වකවානුවේ ද ආණ්ඩුවේ අයවැයට පක්ෂ වීම සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස