අපේ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන තත්ත්වයට වැටිලා…..! – රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම…

June 14, 2021 at 4:41 pm | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීම හොඳ හෝ නරක විය හැකි වුව ද එය සමස්ත ආණ්ඩුව ගත් තීරණයක් නිසා එක් ඇමැතිවරයෙකුට ඇඟිල්ල දිගු කිරීම සුදුසු නොවන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම පවසයි.

ඉන්ධන මිල වැඩි කිරීමට පදනම් වූ හේතු ජනතාවට පවසනු වෙනුවට ඇමැතිට විරුද්ධව ලියුම් ගැසීම තුළ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන තැනට වැටිය හැකි බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඉන්ධන මිල වැඩි කළ ද බස් ගාස්තු කිසිසේත් වැඩි නොකරන බවත් පෞද්ගලික බස් හිමියන්ට වෙනත් ආකාරයක සහනයක් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *