අපි QR කේතයට ම ඉන්ධන දුන්න ද බලන්න එපා…! – ඉන්ධනහල් හිමියෝ…

August 11, 2022 at 3:06 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පැනවීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති.

රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබා දීමට සිදුව ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

මානුෂික හේතු මත කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදීමට සිදුවන අවස්ථා ද ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියන් රෝහල්ගත වීමට වාහනයට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට නොදී සිටීමට නොහැකි බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *