අපි වැඩ කළ නිසා බැනුම් අහන්න වෙලා. මට ඕන රට බෙදන්න නෙමේ හදන්න.

January 24, 2019 at 8:53 am | by admin

තමන් රටේ ජනතාව විඳින දුක් අවබෝධ කරගෙන හැකි පමණින් ජනතාවට සහන දෙමින් කටයුතු කළ නිසා බැනුම් ඇසීමට සිදුව ඇතැයි ද වැඩ නොකළේ නම් කිසිවකු නොබණින බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව දේශපාලන බලවේගයක් ගොඩ නඟන බව ද එජාපය ඇතුළු අනෙක් බලවේග ඊට එකතු කරගන්නා බව ද අගමැතිවරයා පවසයි.

දෙමටගොඩ නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු හේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“රටේ ජනතාව වින්ද දුක මම හොදින් අවබෝධ කර ගෙන සිටිනවා. භාණ්ඩ මිල වැඩිවුණා, ජීවන වියදම ඉහළ ගියා. නමුත් අපට හැකි පමණින් අපි වැටුප් වැඩිකළා. සහන ලබා දුන්නා. මේ යටතේ නිරතවන ගමන් රට ගොඩ ගැනීමට අපි ක්‍රියාකළා. කෙසේ හෝ මේ අභියෝග ජයගෙන ඉදිරියට යා යුතුයි. අපේ විරුද්ධවාදීන්ට රටේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් නොමැති නිසා රට බෙදෙනවා, රට බෙදනවා කියා ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. මට රට බෙදන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් මේ රට ගොඩනගා දීමට. ඉදිරි සති දෙක තුන ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව දේශපාලන බලවේගයක් ගොඩ නඟනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා අනෙකුත් බලවේග ඊට එකතු කර ගැනීමට අප සැලසුම්කර තිබෙනවා. අපි රට ගොඩගත යුතුයි. අපි හැම අභියෝගයකටම මුහුණ දුන්නා. බැනුම් ඇහුවා. බැනුම් අහන්නේ නැත්නම් රටක් හදන්න බැහැ. වැඩක් කළාම හොඳ කියනවා වගේම බැනුම් අහන්නත් සිදුවෙනවා. වැඩ නොකොළොත් ඒ මොකුත් නැහැ. ඒ අනුව අපි වැඩ කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *