අනුමැතිය නොමැතිව ජීවිතය දුන්නාට මාපියන්ගෙන් වන්දි ඉල්ලා පුතා නඩු මඟට!

February 11, 2019 at 5:15 am | by admin

සිය අනුමැතියෙන් තොරව තමා මෙලොවට බිහිකිරීමට එරෙහිව ඉන්දියානුවකු සිය මවට හා පියාට විරුද්ධව නඩු පවරා ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ මුම්බායිහි ව්‍යාපාරිකයකු වන රෆායෙල් සැමුවෙල් නමැත්තාය. මොහු 27 හැවිරිදි පුද්ගලයෙකි.

කෙසේ නමුත් තමාට තම මව සහ පියා සමග පෞද්ගලික තරහක් හෝ වෛරයක් නැති බවද හෙතෙම කියයි.

අපි මෙලොවට බිහිවුණේ අපේ කැමැත්තෙන් නොවේ. ඒ නිසා අපිට ජීවත්වීම උදෙසා යම් වන්දියක් හෝ ලැබිය යුතු යැයි රෆායෙල් සැමුවෙල් කියයි. සැමුවෙල්ගේ මවුපියෝ නීතිඥයෝ වෙති.

ඔහුගේ මව වන කවිතා සැමුවෙල් නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන්නේ තම දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සිය පුතා ගත් සාහසික තීරණය අගය කරන බවයි. කෙසේ නමුත් ඔහු මෙලොවට බිහිකරනු ලැබුවේ දරුවාගේ කැමැත්තකින් තොරව බව තමා පිළිගන්නා බව ද ඇය කියයි. මේ නඩු පැවරීම ගැන බොහෝ විවේචන ද එල්ල වී ඇත.

චතුර පමුණුව
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස