අධිවේගී බස්වල මින් පසු කොන්දොස්තරවරුන් නෑ…!

June 18, 2023 at 4:36 pm | by emanisa.lk

අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ධාවනය කිරීමට තීරණය කර ඇත.

ලබන ජුලි 1 වනදා සිට මෙම තීන්දුව ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අදාල බස් රථ ධාවනය කරවීමට පෙර රියදුරු විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *