අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි කරල සුහුරු රටක් හදනවා…! – සජිත්…

October 28, 2023 at 10:18 am | by emanisa.lk

රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසි බසින් බවත් එය කීමට තමා බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

උඳුගොඩ අර්ෆා විදුහලේ (26) පැවැති උත්සවයකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

තමා සුහුරු රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බවත් ඒ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කර ගත් සුහුරු අධ්‍යාපනයක් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මේ වෙනුවෙන් පාසල් 10,126 ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.

තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගැනීම ප්‍රායෝගික නොවන බවත් මේ සඳහා ඉංග්‍රීසි යොදා ගැනීම ලොව ජය ගත හැකි පුරවැසියන් බිහි කිරීමට හේතු වන බව ත් ඔහු කීය.

රට බංකොලොත් වී ඇති බැවින් මේ මොහොතේ හෝ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කර ගෝලීය පුරවැසියන් බිහි කිරීම ඇරඹිය යුතු යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *