අද හැමෝම Unitary State පිළිගත්තේ නැතිවට ඒකීය රාජ්‍යය පිිළිගන්නවා!

January 28, 2019 at 1:52 am | by admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ සියලු පක්ෂ ඒකීය රාජ්‍යය පිළිගෙන ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කිසිවකුට රට බෙදීමේ උවමනාවක් නැතැයි ද අලුත් ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන එන්නේ නැතැයි ද හෙතෙම අවධාරණය කරයි. එසේම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ තමන් නොව ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමතවිචාරණයකින් ජය ගැනීම අවශ්‍ය බව ද පෙන්වා දෙයි.

කෙසේ වුවද පසුගියදා දෙරණ අලුත් පාර්ලිමේන්තුවට පැමිණි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ තමන් ඒකීය රජ්‍යය මිස Unitary State පිළිනොගන්නා බවය. ඒකීය රාජ්‍යය සඳහා ජාත්‍යන්තර නීතියේ යෙදෙන ඉංග්‍රීසි යෙදුම ඔවුන් පිළිනොගන්නේ එවිට ඔරුමිත්තනාඩු යන වචනයට සමාන පදයක් ලෙස ව්‍යවස්ථාවේ යොදා ඇති ඒකීය රාජ්‍යය යන්න තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකතනය කළ හැකි නිසා යැයි ඇතැම්හු පෙන්වා දෙති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස