අද නායකයෙක් ඉන්නේ රනිල් විතරයි! කොටුගොඩ ධම්මාවාස නාහිමි

January 27, 2019 at 11:17 am | by admin

එකල ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක වැනි උපායශීලි නායකයන් සිටිය ද අද සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බව ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක කොටුගොඩ ධම්මාවාස නාහිමි පවසයි. ඒ උන් වහන්සේගේ 87 වන ජන්ම දිනයට සුබ පැතීම සඳහා අමාත්‍ය රවී කරුණනායක පැමිණි අවස්ථාවේය. ලලිත් ඇතුළත්මුදලිගේ නායකත්වයේ අගය අද වැටහෙන්නේ යැයි ද හිස් තැන් කෙතරම් තිබේ දැයි පෙනෙන්නේ යැයි ද අමාත්‍යවරයා එහිදී කීවේය.

පසුගියදා සිංගප්පූරු සංචාරයකට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ගිවිසුමේ රටට අහිතකර කොටස් සංශෝධනය කළ යුතු බව පවසා තිබිණි. ඒ පිළිබඳ අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එහි කිසි වරදක් නැති බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස