අඬබෙර ගසා විවෘත කළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ගිලා බසී! දුම්රිය ධාවනයත් නතර කරයි!

April 12, 2019 at 5:08 pm | by admin

මීට දින කීපයකට පෙර විවෘත කරන ලද මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ තැනින් තැන ගිලා බැසීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ තත්වය නිසා මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා ධාවනය නොකෙරේ. ඒ වෙනුවට මාතර සිට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවා ඇත.

මහනුවර වව්නියාව, කොළඹ ආදී දුර ප්‍රදේශවල සිට බෙලිඅත්ත බලා යන මගීන් මාතර දුම්රිය ස්ථානයේ සිට බලවේග දුම්රිය කට්ටලයක් මගින් බෙලිඅත්ත බලා රැගෙන යනු ලැබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ඈත ප්‍රදේශවලට යන මගීන්ද බෙලිඅත්තේ සිට බලවේග කට්ටල දුම්රියකින් මාතර දුම්රිය ස්ථානය වෙත රැගෙන පැමිණි පසු එහිදී නැවත එංජිම සහිත දුම්රියකට නැගීමට මගීන්ට සිදුව තිබේ.

එංජිම සහිත දුම්රියක් ධාවනය කිරීමේදී බර වැඩිවීම හේතුවෙන් ගිලා බැසීමේ අවදානම වැඩි විය හැකි බැවින් ඒ වෙනුවට බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවන බව බලධාරීහු පවසති.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වර්තමාන ආණ්ඩුව වසර 4ක් තිස්සේ සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කළේ නොබෝදාය. එහෙත් දින කිහිපයක් තුළ මෙසේ ගිලා බැසීමෙන් එය කිසිදු ප්‍රමිතියකින් තොරව බාල ප්‍රමිතියෙන් යුතුව තනා ඇති බව තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *