අගමැතිට උඩින් යන්න ගිය ජෝන්ට වැඩ වරදී! ආයතන තුනක සභාපතිවරු පත්කිරීම් අවලංගුයි!

January 29, 2019 at 2:49 pm | by admin

සංචාරක සහ වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය, ශ්‍රී ලංකා හොටෙල් කළමනාකරණ ආයතනය සඳහා සභාපතිවරුන් පත් කිරීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අවලංගු කර තිබේ.

එම ආයතන සඳහා අදාළ නාම යෝජනා ජනාධිපතිවරයා වෙත අනුමැතිය සඳහා යැවීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස ඇමතිවරයාට උපදෙස් ලබා දී තිබේ. එහෙත් අමාත්‍යවරයා මේ උපදෙස් පිළිනොපැද අදාළ නාම යෝජනා ජනාධිපති තේරීම් කමිටුව වෙත ඍජුව යොමු කර තිබේ.

මේ නිසා අදාළ පත්කිරීම් අවලංගු කිරීමට අගමැතිවරයා නියෝග කර ඇති අතර ශ්‍රී ලංකා සංවාරක මණ්ඩලයේ සභාපතිවරයා පත් කිරීමේ අවස්ථාව අවාරණය කිරිමට ගිය මාධ්‍යවේදීන් ආපසු හරවා එවා තිබේ.

ඇමතිවරයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රංජිත් ද සිල්වා ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ සභාපති ලෙස කිෂූ ගෝමස් ද පත් කිරීමට යෝජනා කර තිබූ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස