WHO ප්‍රධානි විපක්ෂ නායක හමුවෙයි…! කොවිඩ් මඩින්න සහාය දෙන්න පොරොන්දු වෙයි…!

May 8, 2021 at 6:57 pm | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නීවේරාස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (08) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී ඇති වඩාත්ම අභියෝගාත්මක අර්බුදය සහ වසංගතය වන කොරෝනා ව්‍යසනය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්තේය. මේ ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔලිවියා නීවේරාස්ගෙන් ඉල්ලා සිටියේය.

වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බවත් පැවසූ ඔලිවියා නීවේරාස්, ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑ ම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බව ද ප්‍රකාශ කළාය.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාලිකා ගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, වෛද්‍ය පද්මලාල් ද සිල්වා, ඇතුළු විශේෂ නියෝජිතයින්  පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස