ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බලවත් දේශපාලන වරදක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
රජයෙන් පිට වී රජය විවේචනය කිරීමට ඕනෑ ම කෙනකුට දොරටු විවෘතව ඇතැයි ද අගමැතියරයා ප්‍රකාශ කරයි.
ආණ්ඩුව තුළ සිටිනා අතර රජය විවේචනයට ලක් කිරීම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් හා සමාන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රකාශ මගින් නඩත්තු කරන දේශපාලනයේ ආයුෂ කෙටි බව ද සඳහන් කළේය.
තමන් වසර 50කට වැඩි කාලයක් දේශපාලනයේ අත්දැකීම් ලබා ඇති නමුත් කිසිදු අවස්ථාවක සම්මත දේශපාලන ප්‍රතිපත්තියෙන් බැහැර වූයේ නැති බව ද අගමැතිවරයා වැඩි දුරටත් කීය.