කල්මුණේ TNA මුස්ලිම් ගැටුමින් ආණ්ඩුව දෙදරන හැඩ! අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුන්නොත් අපි යනවා! – මුස්ලිම් කොංග්‍රසය අනතුරු අඟවයි..

July 30, 2019 at 4:48 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෙදීමක් සිදුකරන්නේ නම් නැවතත් අමාත්‍ය ධූරවලින් ඉවත්වී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගැනීමට ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නද අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනා නැවත දිවුරුම් නොදුන් හේතුව කල්මුනේ ප්‍රශ්නය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්.අන්වර් සඳහන් කළේය.

කෙසේ වුවද පසුගියදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගත්තේ කල්මුණේ දකුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට ගණකාධිකාරිවරයකු පත් කර ගිණුමක් ද විවෘත කිරීමෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස