STF ජනපති යටතට!

February 17, 2019 at 4:49 am | by admin

පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන පොලිස් විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) තමන් යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. ඉදිරියේ දී ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙයට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇත. ඉන් අනතුරුව මත්කුඩු මර්දනය පමණක් නොව රාජ්‍ය නායක ආරක්ෂාව ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවක් විශේෂ කාර්යය බලකායට පැවරීමට දැනටමත් තීන්දු කර අවසන්ය. ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ නිවැරදි ලෙස පරීක්ෂණ නොකළ බවට පොලිස්පති පූජිත ජයසුන්දරට ජනාධිපතිවරයා පසුගිය සමයේ ඍජුවම චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *