RMV කොවිඩ් පොකුරක්…! වසා දැමේ….!

August 12, 2021 at 2:49 pm | by emanisa.lk

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු 15 දෙනෙකු කොවිඩ් ආසාදනයවීම ඊට හේතුවී ඇත.

වේරහැර කාර්යාලයෙත් කිහිපදෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *