සාම වෙසින් පැමිණි peace TVකාරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි! ප්‍රහාරවලට ඉන්දීය රු. 212 වැය කරලා!

August 8, 2019 at 8:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ විකාශනය වූ ඉස්ලාමිය පීස් ටීවී නමැති රූපවාහිනි සේවාවේ නිර්මාතෘ මුම්බායිහි සකීර් නායක් නමැති අන්තවාදී දේශකයා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ බව ඉන්දීය බුද්ධි අංශ සොයා ගෙන ඇත.

මේ වන විට පීස් ටීවී රූපවාහිනි සේවාව මෙරට විකාශනය කිරීම අත්හිටුවා තිබේ.

ඉන්දීය බුද්ධි අංශ තවදුරටත් දක්වා ඇත්තේ සකීර් නායක් ඉන්දියාවෙන් පැන ගොස් ඇති බවයි. ඔහු බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 212 ක් වැය කර ඇති බව ද ඉන්දීය බුද්ධි අංශ සොයා ගෙන ඇත.

සකීර් නායක් පිළිබඳව සිදු කළ විමර්ශනවලදී ඔහු ශ්‍රී ලංකාවට ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස උසිගැන්වීම් කර ඇති බව ද සහරාන් හසිම් සමඟ සබඳකම් පවත්වා ඇති බව ද ඉන්දීය බුද්ධි අංශ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස