එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.
එම යෝජනාව අනුව එක් එක් වැටුප් තලවලින් දැනට අය කෙරෙන උපයන විට බදු අඩු කෙරෙන්නේ මෙසේය.
ඒ අනුව රුපියල් 150,000 වැටුපක් සඳහා දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.
රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.