NGOවලට පොම්ප කරන සල්ලි ගැන හොයන්න එපා…! NGO විමර්ශන පනතට බටහිර විරෝධය එල්ල වෙයි…!

May 1, 2021 at 5:16 pm | by emanisa.lk

මෙරට ජාතික ආරක්ෂාවට එරෙහි ක‍්‍රියාකරන දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ විදෙස් අරමුදල් තහනම් කිරීම සඳහා වූ එන්. ජී. ඕ. නව පනත මැයි මස මැදභාගගයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

මෙතෙක් ඒවා තහනම් කිරීම සඳහා නීති රීති නැත. නව පනත යටතේ එන්. ජී. ඕ. සංවිධානවලට අරමුදල් සපයන රටවල් සහ අරමුදල්වල වටිනාකම ගැන ද රජයට හෙළිකළ යුතුවේ.

මෙම නව නීති රීතිවලට අදාළ තොරතුරු අනාවරණය වීම නිසා කොළඹ ජර්මානු තානාපති කාර්යාලය දැඩි කලබලයට පත්වී රජයේ දේශපාලනඥයන් කීපදෙනෙකු ද අමතා එම නීතිරීති පැනවීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ සිව් වසරක් තුළ මේ රට රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් බිලියන පහකට වඩා වැඩි මුදල් ලැබී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *